බදු අඩු කරගන්න ඇමරිකා ගිය පිරිස ආපසු එයි.. ඒකාබද්ද ප‍්‍රකාශණයක් නෑ.. යලි සාකච්චා කරන්න වෙයිලු..
ඇමරිකාවේ තීරුබදු පිළිබඳව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එරටට ගිය නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
එම කණ්ඩායම සමග ගිය මුදල් නියෝජ්‍ය ඇමැති හර්ශන සූරියපෙරැම මහතා අද කොළඹ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ එක්සත් ජනපද නියෝජිතයා සමග නැවත වතාවක් මෙම තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
දැනට ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ප‍්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බවත් හෙතෙම පැවසුවේය.
මෑතකදී රජයේ පාර්ශවයෙන් ප්‍රකාශයට පත්වුනුත් ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව එක්ව සිදුකරන ඒකාබද්ධ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙම මාධ්‍ය හමුවේදී විශේෂ අදහසක් පළ නොවිය.
බදු අඩු කරගන්න ඇමරිකා ගිය පිරිස ආපසු එයි.. ඒකාබද්ද ප‍්‍රකාශණයක් නෑ.. යලි සාකච්චා කරන්න වෙයිලු..
Reviewed by Idapz Digital
on
10:58 PM
Rating:

No comments: